හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයෙන් මාර්ගයට අද (15) අලුයම් කාලයේ පස් කන්දක් කඩා වැටීමෙන් ඇණ හිට තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
කෙසේ වෙතත් පස් කන්දක් කඩා වැටුණු ස්ථානයෙන් වාහන ගමනා ගමනය එක් මංතීරුවකට පමණක් සීමා වී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
තව දුරටත් හැටන් ප්‍රදේශයට කඩින් කඩන්න වැසි පවතින නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනයේ දී සැලකිලිමත්වන ලෙසයි පොලිසිය රියදුරන්ට සහ මහජනතාවට දැනුම් දෙන්නේ.













