හාරලක්ෂ පනස්දහසකට අලෙවි වූ මල් වට්ටිය

විහාරස්ථානයක පැවති මල්වට්ටි වෙන්දේසියකදී මල් වටිටියක් රුපියල් 450,000ක මුදලකට වෙන්දේසි වූ පුවතක් මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ලෙනදොර කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරයේ මෙම වෙන්දේසිය පැවති බවයි තොරතුරු වාර්තා වුණේ.

ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව එම මල්වට්ටිය රුපියල් 450,000ක මුදලක මිලට ගෙන ඇති බව සඳහන්.

ප්‍රදේශවාසීන් විසින් මෙම වෙන්දේසිය සංවිධානය කර තිබූ අතර, ඇද හැලුණු දැඩි වර්ෂාව ද නොතකා විශාල පිරිසක් ඊට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.