හසලක පාසල් සිසුවියකට පිහි ඇණුමක් – සැකකාර තරුණයා ගස් බඳියි

පාසල් යමින් සිටි පාසල් සිසුවියකට පිහි ඇණුමක් සිදුකළ පුද්ගලයෙක් ගම්වාසින් විසින් අල්ලා ගස් බැඳ හසලක පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

හසලක, මොරයාය ප්‍රදේශයේ අද (08) උදෑසන මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පිහි ඇණුමට ලක්වූ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවිය ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පිහි ඇණුම සිදුකළ පුද්ගලයා ජයසිරිගම, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු 24 හැවිරිදි වියේ පසුවන්නෙක්.

අදාළ සිසුවිය සැකකරු සමඟ ෆේස්බුක් ඔස්සේ හදුනාගෙන කලක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවිය විසින් ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමීම හේතුවෙන් ඊට උරණ වී මෙම පිහි ඇණුම සිදුකළ බව සැකකරු විසින් ප්‍රශ්න කිරීම් හමුවේ පොලිසියට පවසා ඇති බව සඳහන්.

සැකකරු ඊයේ (07) රාත්‍රියේ මිණිපේ, මොරයාය ප්‍රදේශයට පැමිණ පාසල ඉදිරිපිට පාළු නිවසක නැවතී සිට සිසුවිය උදෑසන පාසලට පැමිණෙන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
13
+1
11
+1
9
+1
13
+1
13
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44