spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරි බරට පාන් සොයා හෙට සිට මෙහෙයුම් (වීඩියෝ)

රජය විසින් නියම කර ඇති බර ප්‍රමාණයන්ට අනුව පාන් අලෙවිකරනවා ද යන්න සම්බන්ධයෙන් මෙහෙයුම් හෙට (05) දිනයේ සිට ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ, අනුව පාරිභෝගික අධිකාරිය සහ කිරුම් මිනුම් පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නියමිත රෙගුලාසි ක්‍රියාත්මක නොකරන වෙළෙඳුන් සහ නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් සහ පාන් භාගයක් ග්‍රෑම් 250ක් ලෙස නියම කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් පසුගිය දා නිකුත් කරනු ලැබුවා.

ඊට අමතරව විකිණීමට ප්‍රදර්ශනය කර ඇති පාන්වල බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් කළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනය මඟින් දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?