හරි බරට පාන් සොයා හෙට සිට මෙහෙයුම් (වීඩියෝ)

රජය විසින් නියම කර ඇති බර ප්‍රමාණයන්ට අනුව පාන් අලෙවිකරනවා ද යන්න සම්බන්ධයෙන් මෙහෙයුම් හෙට (05) දිනයේ සිට ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ, අනුව පාරිභෝගික අධිකාරිය සහ කිරුම් මිනුම් පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නියමිත රෙගුලාසි ක්‍රියාත්මක නොකරන වෙළෙඳුන් සහ නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් සහ පාන් භාගයක් ග්‍රෑම් 250ක් ලෙස නියම කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් පසුගිය දා නිකුත් කරනු ලැබුවා.

ඊට අමතරව විකිණීමට ප්‍රදර්ශනය කර ඇති පාන්වල බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් කළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනය මඟින් දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08