හරිත කෘෂිකර්මාන්තයට නිලධාරීන්ගෙන් සහයක් ලැබුනේ නැහැ – ජනපති කියයි

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍ය සහාය නොලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පුවත්පත් කර්තෘවරුන් සමග අද (27) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ සිය ධුර කාලයෙන් පළමු වසර දෙක කොවිඩ් වසංගතය වෙනුවෙන්ම කැපකිරීමට සිදුවුව ද තමා භාරගත් සියලු වගකීම් ඉතිරි වසර තුනේදී ඉටුකරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පුවත්පත් කතෘවරුන් අතර හමුව අද පැවැත්වූණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

රට තුළ පවතින වත්මන් තත්ත්වයන් පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

වත්මන් පොහොර ගැටලුව පිළිබඳ පුවත්පත් කතෘවරුන් කළ විමසීමේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණ බවයි.

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ගොවීන් මානසිකව සුදානම් කිරීමේ වගකීම එම නිලධාරීන් අතින් නිසි පරිදි ඉටුනොවූ බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

තමා බලයට පත්වන විට මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් තිබූ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

නමුත් කොව්ඩ් අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය, අපනයන ක්ෂේත්‍රය බිඳවැටීම තුළ ඇති වු විදේශ ප්‍රේෂණ අඩුවීම එම විදෙස් සංචිත පහළ බැසීම සඳහා දැඩි බලපෑමක් කළ බව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ශක්තිමත් විදෙස් සංචිත ඇති සංවර්ධිත රාජ්‍යක ආර්ථිකයට කොවිඩ් නිසා ඇති වන බලපෑමට වඩා ශ්‍රී ලංකාව තුළ මතුවූ තත්ත්වය වෙනස් බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

නමුත් තත්ත්වය හැකි තරම් පාලනය කර ගැනීම සඳහා ආනයන නතර කිරීම ඇතළු පියවර රැසක් ගත් බවත්, ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

බොහෝදෙනා කතාබහට ලක්නොකළත් ආනයන සීමාකිරීම් හමුවේ ගම්මිරිස් ගොවියන්ගේ ආදායම ඉහළ යාම, කහ වගාකරුවන්ට හොඳ මිලක් ලැබීම, එතනෝල් ආනයනය නතර කිරීම නිසා මෙරට උක් ගොවීන්ගේ ආදායම ඉහළ යාම වැනි ධනාත්මක කරුණු රැසක් ද සිදුවූ බව ජනාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම තමා ධුරය ආරම්භ කළ පසු විදේශ ණය ලබාගනිමින් කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ නොකළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ.

පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම රටේ ප්‍රමුඛ අවශ්‍යතාවක් වූවත් ඊට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රමාණවත් සහයක් නොලැබෙන බවත්, ජනාධිපතිවරයා කියා සිටියේ.

ඇතැම් රාජ්‍ය ආයතනවලට ලේකම්වරු, සභාපතිවරු පත්කිරීමේදී උගත්කම මෙන්ම දේශපාලන ධාරාව පිළිබඳ අවබෝධයක් ඇති සමතුලිත පිරිසක් පත්කිරීම වැදගත් බව ජනාධිපතිවරයා පැවසුවේ.

ඔහු සඳහන් කළේ තමා පත්කළ ඇතැම් නිලධාරීන් උගත්කම අතින් පරිපුර්ණ වුවත් රාජකාරී කිරීමේදී යම් දුරස්ථභාවයක් දක්නට ලැබෙන බවයි.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සිය ධුරකාලයේ මුල් වසර දෙකම වැය වුවද ඉතිරි වසර තුනේදී ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලු වගකීම් ඉටුකරන බව ජනාධිපතිවරයා පුවත්පත් කතෘවරුන් හමුවේ කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27
Video thumbnail
එජාපයේ දෙබිඩි පිළිවෙතක් තියෙනවනම් එතන අපිට ඉන්න බැහැ - ආශුගෙන් දැඩි ප්‍රකාශයක්
03:34
Video thumbnail
නාමල්ට අල්ලස් දුන්නැයි කියන ජානකී රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:15
Video thumbnail
අගමැතිතුමිය එක්ක ෆොටෝ ගන්න අපිත් කැමතියි
00:54
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45
Video thumbnail
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඕනෑම ආපදාවකට සූදානම් - ත්‍රිවිධ හමුදාව යොදවලා තියෙන්නේ
04:51
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01