හරකාගේ ලණුවේ පැටලුණු පුංචි ඉමාෂ් රෝහලේ දී අවසන් ගමන් යයි

ගවයෙකු බැඳ තිබූ ලණුවක පැටලී පාසල් දරුවෙක් අවාසනාවන්ත ලෙස මියයාමේ පුවතක් අනුරාධපුර, විහාරපාළුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 09ක පාසල් දරුවෙක් බවයි වාර්තා වුණේ.

ඉමාෂ් දෙවිඳු නැමැති මෙම දරුවා පෙරේදා (13) පස්වරුවේ තවත් මිතුරන් කිහිපදෙනෙක් සමඟ අසල්වැසි නිවසක ඇති කළ ගවයෙකු සමඟ සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී ගවයා කුලප්පු වී මාර්ගයේ දිවගොස් ඇති අතර, එහිදී ගවයාගේ ගෙළෙහි ගැට ගසා තිබූ ලණුව දරුවාගේ ශරීරයේ පැටලී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස ලණුවේ පැටලුණු දරුවා මීටර් 900ක් පමණ දුරක් ගවයා මාර්ගයේ ඇදගෙන ගොස් ඇති අතර, එහිදී දරුවාට බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බරපතළ තුවාල ලැබූ දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මෙහිදී දරුවාගේ මොළයට බරපතළ හානි සිදුව ඇති බවට නිරීක්ෂණය කළ වෛද්‍යවරුන් දරුවා සැත්කමකට භාජනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

බරපතළ තත්ත්වයේ සිටි දරුවා සැත්කමකට භාජනය කරමින් සිටියදී ඊයේ පස්වරුවේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
40
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34