හයේෂිකාගෙන් පහර කෑමට ලක්වූ තරුණයාට ඇප

ශිෂ්‍යත්ව උපකාරක පංති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නැමැත්තියගෙන් පහර කෑමට ලක්ව, මේ වනවිට ප්‍රතිකාර ලබන ලිංගික අතවරයක් කිරිමට තැත් කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තරුණයා ඇප මත මුදාහැරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ අතිරේක මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලට ගොස් අදාළ තරුණයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙසයි නියෝග කර ඇත්තේ.

පසුගිය 14 වනදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගත් එම තරුණයා දින තුනක් පොලිස් අත්අඩංගුවේ පසු වූ අතර, පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව එසේ අතිරේක මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇපමත මුදාහැර තිබෙනවා.

හයේශිකා ප්‍රනාන්දුගේ පුද්ලික ආයතනයේ සේවය කරන තරුණියකට අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව තරුණයා අත්අඩංගුවට ගැනුණා.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාර දිර්ඝව කරුණු දැක්වූ අතර, පැමිණිල්ල වෙනුවෙන් කටාන පොලිසිය කරුණු දැක්වීම සිදුකළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීමේ නියෝග නිකුත් කළ අතර, මෙම නඩුව යළි මැයි 21 වනදා කැඳවීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39