ඖෂධ හිඟයට ගන්නා පියවර ජනපති කියයි

ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හිදී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබා ගැනීමට නියමිත බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) පස්වරුවේ කටුනායක ඊගල්ස් ලැගූන් හෝටලයේ පැවති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ (SLCMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාව අමතමින්.

“අර්බුදකාරී කාලවලදී හමුදා වෛද්‍ය විද්‍යාවේ කාර්යභාරය” යන තේමාව යටතේ මෙම අධ්‍යයන සැසිය සංවිධානය කර තිබුණා.

යුද, නාවික සහ ගුවන් හමුදාවේ වෛද්‍ය බළකාය උතුරු නැඟෙනහිර යුදමය තත්ත්වයේදී සැබවින්ම හමුදා වෛද්‍ය විද්‍යාව අත්විඳි බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම කලාපයේ ඇති හොඳම වෛද්‍ය පර්යේෂණ ආයතනය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින අතර අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් සේවාව ලබා ගත හැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බව ද ඔහු සඳහන් කළා.

යුද්ධයට මුහුණ දෙන අතරම 2004 සුනාමි ව්‍යසනයේදීත්, ගංවතුර සමයේදීත්, කොවිඩ් 19 සමයේදීත් හමුදා වෛද්‍ය බලකාය ඉටු කළ සේවය තුළින් ඔවුන්ට හමුදා මෙන්ම සිවිල් ක්ෂේත්‍රයෙහිත් අත්දැකීම් ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේ.

මෙරට හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කර ඇති ප්‍රශංසනීය මෙහෙවර අගය කරන බව පැවසූ ජනාධිපතිවරයා 2016 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනය මේ වන විට පූර්ණ වෛද්‍ය සංවිධානයක් දක්වා වර්ධනය වී ඇති බව ද සඳහන් කළා.

මෙරට හමුදා වෛද්‍ය විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ හිටපු සභාපතිවරුන් සහ වත්මන් සභාපතිවරයා ගේ දායකත්වය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇඟයීමට ලක් වුණා.

මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය සෙල්වනායගම් නිර්තානන් මහතා සහභාගි වූ අතර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ සභාපති එයාර් කොමදෝරු නිලූකා අබේසේකර මහත්මිය සහ ලේකම් විංග් කමාන්ඩර් හිමාලි මෙන්ඩිස් මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14