පොලිසිය ප්‍රමාණවත්ව වැඩි කිරීමට තීන්දු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
46 වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය තඹුත්තේගම දී විවෘත කිරීමේ අවස්ථාවට අද (08) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ, අනුව පොලිස් උප සේවාවට දසදහසක පිරිසක් බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් හෙට (09) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ඒ, අනුව සක්‍රීය හමුදා සේවයේ සිට, නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්ව සිටින වයස අවුරුදු 45ට අඩු යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කරන පුද්ගලයින් පොලිස් උප සේවාවට බඳවා ගැනීමට නියමිත බවයි අමාත්‍ය ආනන්ද විජේපාල මෙහිදී සඳහන් කර සිටියේ.














I I like to join to be that, but I think good decisions of Sri Lanka security council
Educational qualifications and the family backround is important, otherwise there will be another problem.