හම්බන්තොට කාර්යාලය මඟින් මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අකර්මන්‍ය වෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය මඟින් දෛනිකව සිදු කරනු ලබන මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ දුරකථන සම්බන්ධතා බිඳ වැටීම මත මේ වන විට අකර්මන්‍ය වී තිබෙනවා.

එහෙත්, මේ වන විටත් මෙම දුරකථන ජාලය යාවත් කාලීන කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර ඉතා කඩිනමින් නැවතත් මාර්ගගත රියදුරු බලපත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සක්‍රීය කිරීමට කටයුතු කරනු ලබන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?