spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හම්බන්තොටට මන්දපෝෂ‍ණය කියා අපහාස කරන්න එපා

සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක ඇතැයි පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සූරියවැව ප්‍රදේශීය සෞඛ්‍ය තත්වය ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉහළ තැනක ඇතැයි ද තමන් පෞද්ගලිකව කළ සොයා බැලීමේදී හෙළි වූ බව හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“ඔය කියන මන්දපෝෂණය, ඔය කිසිදෙයක් නෑ. ඔය දොස්තර මහත්තයෙක් හුදෙකලා තැනක කියපු ප්‍රකාශයක් තමයි, මාධ්‍ය තුළ ලොකුවට ගෙනාවේ.හැබැයි අපි පෞද්ගලිකව හොයලා බැලුවා, සමස්ත ලංකාවේ තියෙන සාමාන්‍ය සෞඛ්‍ය මට්ටමයි සූරියවැව තියෙන සෞඛ්‍ය මට්ටමයි ගත්තාම සූරියවැව ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉතාමත් ඉහළ තැනක තියෙනවා.පෞද්ගලික කාරණා මුල් කරගෙන සමහර ඒවා කේන්ද්‍රීය කරගෙන කරන ප්‍රකාශත් එක්ක තමයි ඕවා වෙන්නෙ. මේ තියෙන ආර්ථික ප්‍රශ්නයේ දී නගරයේ මිනිස්සු තමයි උපරීම පීඩිත වෙලා තියෙන්නෙ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?