හම්බන්තොටට මන්දපෝෂ‍ණය කියා අපහාස කරන්න එපා

සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක ඇතැයි පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සූරියවැව ප්‍රදේශීය සෞඛ්‍ය තත්වය ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉහළ තැනක ඇතැයි ද තමන් පෞද්ගලිකව කළ සොයා බැලීමේදී හෙළි වූ බව හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“ඔය කියන මන්දපෝෂණය, ඔය කිසිදෙයක් නෑ. ඔය දොස්තර මහත්තයෙක් හුදෙකලා තැනක කියපු ප්‍රකාශයක් තමයි, මාධ්‍ය තුළ ලොකුවට ගෙනාවේ.හැබැයි අපි පෞද්ගලිකව හොයලා බැලුවා, සමස්ත ලංකාවේ තියෙන සාමාන්‍ය සෞඛ්‍ය මට්ටමයි සූරියවැව තියෙන සෞඛ්‍ය මට්ටමයි ගත්තාම සූරියවැව ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉතාමත් ඉහළ තැනක තියෙනවා.පෞද්ගලික කාරණා මුල් කරගෙන සමහර ඒවා කේන්ද්‍රීය කරගෙන කරන ප්‍රකාශත් එක්ක තමයි ඕවා වෙන්නෙ. මේ තියෙන ආර්ථික ප්‍රශ්නයේ දී නගරයේ මිනිස්සු තමයි උපරීම පීඩිත වෙලා තියෙන්නෙ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02