මොරටුව නගරයේ අතුරු මාර්ගයක පිහිටා ඇති වෙළෙඳසැළක හදිසියේ ගින්නක් ඇතිවී තිබේ.
වෙළෙඳසැළක් සහ නිවසක් එකට පිහිටා ඇති ගොඩනැගිල්ලක එම ගින්න ඇතිවී ඇත.
ගින්නෙන් වෙළෙඳසැළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මොරටුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ පැමිණ ගින්න පැතිරීම පාලනය කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1