හතරලියද්දේ අනතුරකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට තවත් හයක් රෝහලට

පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් හතරලියද්ද, ලිහිණියවල ප්‍රදේශයේ රිය අනතුරක් සිදුව තිබේ. තවත් හයදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඇස්බැස්ටොස් සෙවිලි තහඩු පටවාගත් ලොරි රඹුක්කන මාර්ගයේ ලිහිණියවල බෑවුම් මාර්ගයේ පහළට යමින් සිටියදී, රියදුරුගේ පාලනයෙන් ඉවතට ගොස් මාර්ගයේ අයිනේ නවතා තිබූ කුඩා ලොරිවෙත ගැටී ඇත. එමගින් අසළ නවතා තිබූ යතුරුපැදියක පදවමින් සිටි පුද්ගලයෙකුද යටකරමින්, ආසන්නයේ පිහිටි කුඩා වෙළඳසැලකට ගැටී පසුව ඇල්ලක වැදී නවතිනු ලැබිණි.

මෙම අනතුරෙන් ලොරි රියදුරා සහ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් තිබෙනවා බරපතල තුවාල සිදු වූ දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා