හංවැල්ල ආපනශලා හිමිකරුගේ ඝාතකයින් පැමිණි යතුරුපැදිය සොයාගනී

හංවැල්ල ප්‍රදේශයේ පෙරේදා (18) රාත්‍රියේ ආපනශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය මාර්ගයේ දමාගොස් තිබිය දී ඊයේ (19) සොයාගෙන තිබෙනවා.

හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබිය දී අදාළ යතුරුපැදිය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස සොයාගත් යතුරුපැදියේ චැසි අංක සහ එන්ජින් අංක මකාදමා ඇති අතර, ඉදිරි සහ පිටුපස අංක තහඩු ද නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඝාතකයන් යතුරුපැදිය එම ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුව අවට මිරිස්කුඩු ද ඉස ඇතැයි පොලිසිය සඳහන් කළා.

පෙරේදා (18) රාත්‍රි 10.05ට පමණ යත්රුපදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ආපනශාලාවක හිමිකරුවෙකු වූ මොහොමඩ් ෆරුෂාන් නමැති (48) පුද්ගලයාට වෙඩි තබා පලාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දීත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

මේ අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවුන් සහෝදරයාට මීට සති දෙකකට පමණ ඉහත දී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකර තිබූ බවට තොරතුරු වාර්තා වනවා.

එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයා පොලීසියට සහයෝගය ලබාදීම මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා හංවැල්ල පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙක් බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25