සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ නිවේදනයක්

සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්ගේ කැපවීම මත මේ වන විට යම්තාක් දුරට කොවිඩ් වසංගත තත්ත්වය  පාලනය කරගැනීමට හැකි වූ බවත් එය තවදුරටත් පාලනය කරගැනීම සඳහා රට විවෘත කෙරෙන අද දවසේ සිට උපරිම ජනතා සහයෝගයක් සමස්ත ජනතාවගෙන්ම අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ වෙනුවෙන් කැපකිරීම් කළ සැවොම අගය කරන්නේ නම් එම අගය කිරීමට දිය හැකි උපරිම වටිනාකම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස රකිමින් ජනතාව ලබා දෙන සහයෝගය යැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද අලුයම සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරමින් යම් යම් සීමාවන් සහිතව රට විවෘත කිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීය. එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.

ලොව ඇතැම් රටවල්හි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් අභියෝගයෙන් පලා යද්දී මෙරට සෞඛ්‍ය අංශ ඒ වෙනුවෙන් දැඩි කැපවීමක් කළ බවද අමාත්‍යවරයා පැවසීය. සමහරක් රටවල ඇතැම් පිරිස් සේවයට වාර්තා නොකර රැකියාවෙන් පවා ඉවත්ව කොවිඩ් හමුවේ පලා ගිය බවද හෙතෙම කීය. එහෙත් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පුදුමාකාර කැපකිරීමක් කළේ යැයිද  , එයට රටේ සමස්ත ජනතාවම ප්‍රසාදය පළ කරන්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29


?