සෞඛ්‍ය සේවයට අත්‍යවශ්‍ය කෝටි 43ක ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කොරියාවෙන්

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය කෝටි 43ක ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කොරියානු රජයේ හා ජනතාවගේ සහයෝගයෙන් ඊයේ (17) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරුණා.

කොරියානු සංවිධානයක් වන The Global Life Sharing ආයතනය මගින් එකතු කරනු ලැබූ මෙම පරිත්‍යාගයන් World Unreached People Mission සංවිධානයේ සම්බන්ධීකරණයෙන් හා සහයෝගයෙන් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ආයතනයන්හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ දේවගැති ඒ.ෆ්‍රැන්සිස් මහතා විසින් නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

අදියර කිහිපයක් ඔස්සේ පරිත්‍යාග කිරීමට නියමිත මෙම ඖෂධ හා ඖෂධ උපකරණ අතුරින් මෙලෙස පරිත්‍යාග කෙරුණු කෝටි 43ක පළමු පරිත්‍යාගයේ අක්ෂි රෝග, බැක්ටීරියා ආසාදන, චර්ම රෝග ,ප්‍රතිජීවක හා වේදනා නාශක ඖෂධ හා උපකරණ රැසක් පවතිනවා.

ගෝලීය කොවිඩ් ව්‍යසනයේදී මෙන්ම රට තුළ පවතින වත්මන් අභියෝගාත්මක පරිසරය තුළ ජාත්‍යන්තර සංවිධාන හා ආයතන මෙරට සෞඛ්‍ය පද්ධතියට විශාල සහයෝගයක් ලබා දුන් බවත් මේ වන විටත් එවැනි සහයෝගයන් ලැබෙමින් පවතින බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙහිදී කියාසිටියේ.

විශේෂයෙන් කොරියානු රාජ්‍යයේ ජනතාව මෙන්ම World Unreached People Mission ආයතනය ඇතුළු මේ සඳහා දායක වූ සියලු පාර්ශවයන් වෙත අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළා.

ඉදිරියේදී මෙම වැඩසටහන යටතේ පාසැල් හා රෝහල් කරාද අත්‍යවශ්‍ය උපකරණ ඖෂධ ලබාදීම ක්‍රියාත්මක කරන බවයි දේවගැති ඒ.ෆ්‍රැන්සිස් මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් එක්කම 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59
Video thumbnail
මි#යගිය රැදවියන්ටත් ආණ්ඩුව වන්දි ගෙවන්න ඕනී - බන්ධනාගාර සිද්ධියට යුරෝපා සංගමයට පැමිණිල්ලක්
04:38
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල - අධික වේගය කරපු විනාශයක්
01:56
Video thumbnail
මත්ද්‍රව්‍ය පරික්ෂාවේ උණුසුම් තත්ත්වයක් - මේ නිලධාරින්ට මොං#ගල්..කුඩු ගහන වුන් දැන් පැනලා
07:51
Video thumbnail
ඩොලර් ලක්ෂ 3ක් යුපුන් අපෙන් ඉල්ලනවා - හරීන් ඇමතිතුමා පොරොන්දු වුණාලු මේකට
03:11
Video thumbnail
පෞද්ගලික සංචාරය බිහිසුණු අනතුරෙන් කෙළවර වෙයි - කාර් රථය බස් රථයේ වැදිලා
00:43