සෙල්ලම් ගුවන් යානා නිපදවන අපූරු තැපැල් ස්ථානාධිපතිවරයා (වීඩියෝ)

සෙල්ලම් ගුවන් යානා නිපදවන අපූරු තැපැල් ස්ථානාධිපතිවරයෙක් පිළිබඳ පාදුක්ක ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

මේ, 47 හැවිරිදි ඉග්නේෂස් පෙරේරා.ඔහු වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයෙක්.කුඩාකල සිටම ගුවන් යානාවලට පෙම් බැඳි ඔහු මේවන විට සෙල්ලම් ගුවන් යානා 20කට වැඩි ගණනක් නිර්මාණය කර තිබෙනවා.විශේෂත්වය වන්නේ එම සෑම ගුවන් යානයක්ම ගුවන්ගත කළ හැකි ඒවා වීමයි.

තමන් දැඩි ආශාවකින් සහ මහත් වෙහෙසදරා මෙම නිපදවූ සෙල්ලම් ගුවන් යානා හේතුවෙන් ඉග්නේෂස් මහතාට පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වීමටත් සිදුවුණා.කෙසේ වෙතත්, මේ පිළිබඳව අප සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් විමසූ අවස්ථාවේදී එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත මහතා පැවසුවේ.පවතින නීති අනුව ආකෘතිමය යානයක් වුවද ගුවන්ගත කරන්නේ නම් ඊට අවසර ලබාගත යුතු බවයි.

මෙවැනි සෙල්ලම් ගුවන් යානා ඉහළ මිල ගණන් යටතේ විදෙස් රටවලින් මෙරටට ආනයනය කරන ආකාරය අප කොතෙකුත් දැක තිබෙනවා.

නමුත් අපේ රටේ දිරිය මිනිසුන්ගේ මෙවැනි නිර්මාණවලට නිසි ඇගයීමක් හෝ වෙළෙඳපොළක් නොලැබීම කනගාටුවට කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?