සෙංකඩගල දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ පත් කිරීම හෙට

Cඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙක් තෝරා පත්කර ගැනීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී රැස්වීමක් පැවැත්වීම නියමිතව තිබෙනවා.

වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ගාමිණි කළුහෙන්දිවල, පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන බදුල්ල සෝනුත්තර රජමහා විහාරස්ථානයේ හා සතර මහා දේවාල මහ නිලමේ රොෂාන් ප්‍රියදර්ශන හා විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයෙකු වන නන්ද මඩුගල්ලේ යන පිරිසගේ නම් මෙවර දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීම සඳහා මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා,

දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ රැස්වීමේ දී මහා සංඝරත්නය ඇතුළු 267ක පමණ පිරිසකගේ ඡන්ද විමසීම සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
5
+1
0
+1
0
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37
Video thumbnail
විදුලි භාවිතය අඩුකරන්න රාත්‍රී කාලයේ ලයිට් ඕෆ් කරනවා..?
02:11
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45