spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සූර්ය පැනලවලට පැනවූ බද්දක් ඉවතට

සූර්ය පැනල ස්ථිතික පරිවර්තක, ඉන්වර්ටර් මත පනවා තිබූ වරාය සහ ගුවන් සේවා බද්ද (PAL) 2023 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම මෙහි අරමුණයි.

ඒ අනුව එමගින් විදුලිය උත්පාදනය කිරීමට අවශ්‍ය Invertors වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද 2312/67 ගැසට් නිවේදනය මගින් මෙම බදු නිදහස් කිරීම සිදු කර තිබෙනවා.

ඒ අනුව HS කේත අංක 8504.40 යටතේ ආනයනය කරනු ලබන Static converters සහ Invertors මත වන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද 10% සිට නිදහස් කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?