spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුළි කුණාටුවේ බලපෑමෙන් යාපනයේ ධීවර බෝට්ටු 30 ක් විනාශයි

මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ ධීවරයින්ගේ ධීවර බෝට්ටු 30 ක් විනාශ වි ඇති බව යාපනය ධීවරයින් පවසති.

යාපනය ධීවරයින් පැවසූවේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයින්ගේ ධීවර බෝට්ටු 15 ක් පමණ හානියට පත් ඇති අතර, යාපනය කයිට්ස් හා පේදුරුතුඩුව ධීවරයින්ගේ ධීවර බෝට්ටු රැසක්ද එලෙස විනාශයට පත්ව ඇති බවයි.

ධීවර බෝට්ටු ධීවර වරායන්වල නැංගුරම්ලා තිබුණද අදාළ බෝට්ටු පැවති අධික සුළං තත්වයට මුහුණදීමට නොහැකිව විනාශ වි ඇති බවද ධීවරයින් පවසති.

මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයින්ගේද ධීවර බෝට්ටු කිහිපයක්ද  විනාශ වි ඇති බවද උතුරු පළාතේ ධීවරයින් සඳහන් කළහ.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් සතියක පමණ කාලයක් ධීවරයින්ට ධීවර රැකියාව සිදුකර ගැනීමට නොහැකිවිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?