සුෂාන්ත් සිංගේ අභිරහස් මරණය ඝාතනයක් ! – මරණ පරීක්ෂණය සිදුකළ නිලධාරියෙක් සියල්ල හෙළිකරයි

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ සිද්ධිය ඝාතනයක් බවට හෙළිවී තිබෙනවා.

සුෂාන්ත්ගේ මරණ පරීක්ෂණ සිදුකළ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් විසින් මෙම හෙළිදරව්ව සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

2020 වසරේ ජුනි මස 14 වන දින මුම්බායිහි ඔහු රැඳී සිටි මහල් නිවාසයේ දී ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව සිටියදී සුෂාන්ත් සිංගේ සිරුර සොයා ගැනුණා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ ආරක්ෂක අංශ එවක දී සඳහන් කර සිටියේ මෙම ජනප්‍රිය බොලිවුඩ් නළුවගේ මරණය සියදිවි නසා ගැනීමක් බවයි.

කෙසේ වෙතත් සුෂාන්ත් සිංගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ රූප්කුමාර් ෂා නැමැති නිලධාරියා පැවසුවේ සුෂාන්ත්ගේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී එවක සිටි ඉහළ නිලධාරින්ගේ මෙන්ම ප්‍රභූවරුන්ගේ නියෝගවලට අවනත වීමට සිදුවූ බවයි.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රූප්කුමාර් ෂා මේ බව පවසා ඇති අතර, ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේ පළමු වරට සුෂාන්ත්ගේ මිනිය දුටුවිට එය සියදිවි නසාගැනීමක් නොව, ඝාතනයක් බව තමන්ට හැඟී ගිය බවයි.

ඒ. පිළිබඳ ඉහළ නිලධාරින්ට දැනුම් දුන්න ද, ඔවුන් තමන්ගේ එම අදහසට ඇහුම්කන් නොදුන් බවත් රූප්කුමාර් එහිදී වැඩිදුරටත් පවසා තිබුණා.

“සුෂාන්ත්ගේ මරණයෙන් පසු, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුරු පහක් ගෙන ආවා. ඒකේ VIP බොඩියක් තියෙනවා කියලා අපිට කිව්වට කලින් දැනගෙන හිටියේ නැහැ ඒක සුශාන්ත්ගේ කියලා, සුශාන්ත්ගේ මිනිය දැක්කම මම සීනියර්ස්ලාට කිව්වා මම හිතන්නේ ඒක සියදිවි නසා ගැනීමක් නෙවෙයි මිනීමැරුමක් කියලා, ඒත් මට ඔවුන් කිව්වා ඔයා ඔයාගේ වැඩ කරන්න, මම මගේ වැඩේ කරන්නම් කියලා. එකේදී මගේ රාජකාරිය වුණේ ඇඟ කපා මහන එකයි. ඒ සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්‍ෂණය වීඩියෝගත කළ යුතුව තිබුණත්, සර් කිව්වා පුළුවන් තරම් ඉක්මනට ෆොටෝ ටිකක් ගහලා මිනිය භාරදෙන්න ඕන කියලා. අපි රෑ පශ්චාත් මරණ පරීක්ෂණය කළේ එහෙමයි.” යනුවෙන් රූප්කුමාර් මෙහිදී සඳහන් කර සිටියා.

එවන් තත්ත්වයක සුෂාන්ත්ගේ අභිරහස් මරණය සිදුව වසර දෙකක් ගත වී ඇතත්, තවමත් මෙම මරණයෙහි අභිරහස හෙළි වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් සුෂාන්ත්ගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ඔහුගේ රසිකයින් ද දැඩි විරෝධයක් එරට ආරක්ෂක අංශ වෙත එල්ල කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20