සුරූපිණියක ගේ අතගෙන ධනවතෙක් වෙන්න ඔබත් ආසද ?

‘ඔය මනස්සයට හරිගියේ විවාහයෙන් පස්සේ’ මෙවැනි කතා විටින් විට සමාජය තුළින් අසන්නට ඔබටත් අවස්ථාව ලැබී ඇති. එසේත් නැතහොත් එවැනි අත්දැකීමක් ඔබටත් තිබිය හැකියි. සැබැවින්ම එවැන්නක් සිදුවේද යන්න ජ්‍යොතිෂයට අනුව සොයා බැලිය යුතු අතර එසේ කරුණු කාරණා එකිනෙක විමසීමේදී මෙම කියමන සත්‍ය බව මනාව පැහැදිලි වේ.

යහපත් ග්‍රහ පිහිටීම් සහිත උත්පත්ති කේන්දරයක් සහ යහපත් අංග ලක්ෂණයන්ගෙන් හෙබි රූමතියක හා විවාහ වීමෙන් ධනවතකු බවට පත්වීමේ භාග්‍යය පුරුෂයකුට ලැබෙන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.

එම ශරීර ලක්ෂණ ගැන උනන්දු වන්නා සේම තමා විවාහ වන කාන්තාවගේ උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීම් ගැනත් අවධානය යොමු කරන්නට ඔබට හැකි නම් ඇය නිසා ඔබට හිමි වීමට නියමිත මහා වාසනාව කලින්ම හඳුනාගත හැකිය. මේ, ඊට පහසුව සලසන ඉදිරිපත් කිරීමකි.

ස්ත්‍රී කේන්දරයක සඳු ලග්නයේ සිටී නම් ඊටත් වඩා වාසනාවක් තවත් නැති බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. එලෙස සිටිනුයේ පුර සඳු නම් ඒ වාසනාව තවත් බලවත් වන්නේය.

ස්ත්‍රී කේන්දරයක සඳු, සිකුරු, ගුරු, කුජ යන ග්‍රහයන් හතර දෙනා බලවත් නම් ඇය හා විවාහ වීමෙන් පුරුෂයාට වාසනාව උදාවේ.

කේන්දරයේ 2,3,5,7,9,11 යන ස්ථානවල සුබ ග්‍රහයන් තැන්පත්ව ඊට දෘෂ්ටි ලැබේද එම ස්ත්‍රියද විවාහය සඳහා මනා සුදුසුකම් ඇත්තියකි.

හත්වැන්නේ විවාහ ත්‍රිකෝණය වූ තුන්වැන්නේ සුබ ග්‍රහයකු සිට හත දකීනම් ඇය විවාහ කරගැනීමෙන් පුරුෂයා ධනවත් වේ.

හත්වැන්නේ සිටින සුබ ග්‍රහයාට තවත් සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබේ නම් එම ස්ත්‍රිය විවාහ කරගැනීමට පිරිමින් උනන්දු විය යුතුය. අනාගතය සරුසාර වේ.

ඉතා උසස් පුතුන් ලබන්නට කැමැත්තෙන් සිටින ඔබ විවාහ කරගත යුත්තේ කේන්දරයේ පස්වැන්නේ අධිපතියා නවවැන්නේ තැන්පත්ව සිටින ස්ත්‍රියකි.

හත්වැන්නේ බලවත්ව කුජ සිටියදී ගුරු හෝ සිකුරු හත්වැන්න දකී නම් ඇය පිරිමින් වසඟ කරවන මනා පෙනුමක් ලබන බවත්, ඇය හා විවාහ වීමෙන් පුරුෂයකුට රජකුට සමාන සැපයක් ලැබෙන බවත් පැවසේ.

සඳු උච්ච වීම තරම් ස්ත්‍රියකට වටිනා ග්‍රහ පිහිටීමක් තවත් නැත. ඇය විවාහයෙන් පසු සහකරුට ධනය බලය වාසනාව ළඟා කර දෙයි. එසේම සිත් සතුටින් තබන්නීය.

කුජ ගුරු සිකුරු එක ග්‍රහයකු හත්වැන්නේ නම් ඔවුනොවුන්ටත් පෙනේ නම් ඔවුන්ටම අයත් රාශිවලත් සිටී නම් ඇය හා විවාහ පුරුෂයකු ලද පූර්ව පිනක් සේ සැලකිය යුතුය. යස ඉසුරු සොයා නොගියද ඒවා විවාහයෙන් පසුව ළඟට පැමිණෙනු ඇත.

මේ ආකාරයට තවත් ග්‍රහ පිහිටීම් රාශියක් ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇති අතර විවාහයෙන් පසුව ධනවත් වීමට සිහින දකින පුරුෂයන් විවාහයට පෙර ඇගේ කේන්දරය පරීක්ෂා කරවාගෙන ඒ බව ස්ථිරවම දැනගත හැකිය. නැතහොත් ඔබටම ඇගේ කේන්දරය බලා මේ බව හඳුනා ගන්නටද අපහසු නැත. කෙසේ නමුත් විවාහයට පෙර තමා විවාහ වන්නේ කිනම් තත්ත්වයේ වාසනාවන්තියක් සමගද යන්නත් ඇගේ ග්‍රහචාරය සහ අංග ලක්ෂණයන් කෙසේද යන්නත් දැන කටයුතු කළ පුරුෂයන් බොහෝ දෙනෙක් වර්තමානයේ ඉතා ධනවත් තත්ත්වයට පත්ව ඇති වග අප ජ්‍යොතිෂයට අනුව අත්දැක තිබේ. ඒ අතරින් ඇතැම් පුරුෂයන් වර්තමානයේ ධන කුවේරයන් වී සිටින බව සමාජය තුළද ජනප්‍රිය මාතෘකාවක් වී ඇති බව රහසක් නොවේ.

ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම
00:51
Video thumbnail
පූජිතට ලැබුණු මරණ දඩුවම ගැන ඇසූ විට මෛත්‍රීපාල සිරිසේනට තද වෙයි
00:31
Video thumbnail
පූජිත්ට දුන්න ම#ණ දඬුවම ගැන අහද්දි මෛත්‍රිපාලට යකා නගියි ?"නෑ නෑ මම වොයිස්කට් දෙන්නේ නෑ"
00:57