සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත සංගණනය පිළිබඳ ප්‍රගති සමාලෝචනයක්

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත සංගණන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

රටේ වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ පීඩාවට පත් වූ හා අඩු ආදායම්ලාභීන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහන කඩිනමින් සලසා දීම මෙහි අරමුණයි.

සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිදභාවයෙන් යුක්තව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගැනීම හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලේඛනයක් නිර්මාණය කිරීම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යය වී තිබෙනවා.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි මෙම දත්ත සංගණනය සිදු කෙරෙන අතර දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක සංගණන කටයුතු අවසන් කර ඇති බවයි මෙම සාකච්ඡාවේ දී අනාවරණය වුයේ.

එළඹෙන අඟහරුවාදා පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සම්මේලනයේදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව ද ප්‍රකාශ කෙරුණා.

සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහාය හිමිව ඇති අතර අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම ද සිදු කෙරෙනවා.

නිරතුරුවම ලෝක බැංකු නියෝජිතයන් සමඟ සම්බන්ධ වෙමින් මෙම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසටයි සාගල රත්නායක මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?