spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි වෙළඳසැලේ දී තරුණ කතකට ගුටි පූජාව දුන් සේවකයින්ට ඇප

බොරැල්ල – කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය හමුවට ඊයේ (25) ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.

මෙම පහරදීමට සම්බන්ධ අදාළ සුපිරි වෙළඳසැලේ සේවයේ නියුතුව සිටි කාන්තාවන් සිව්දෙනකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු බොරැල්ල පොලීසිය මඟින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඊයේ (25) පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවක දී පැමිණිලිකාර කාන්තාව විසින් ඇයට පහරදුන් සැකකරුවන් තිදෙනකු හඳුනා ගැනීමට සමත්ව තිබෙනවා.

අදාළ සුපිරි වෙළඳසැල තුළ දී එහි සේවකයින් පිරිසක් කාන්තාවකට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පසුගිය දා සංසරණය වුණා.

එම කාන්තාව අදාළ සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස පහරදී ඇති බවයි පසුව තොරතුරු වාර්තා වුණේ.

පහරකෑමට ලක්වූ තරුණ කාන්තාව අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැතියක් බවට පොලීසිය පසුව අනාවරණය කරගෙන තිබුණා.

සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ සොරාගැනීම් සම්බන්ධයෙන් ඇයට මීට පෙර චෝදනා එල්ලවී තිබූ බවද පොලීසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
17
+1
5
+1
2
+1
9
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?