සුපිරි වෙළඳසැලේ දී තරුණ කතකට ගුටි පූජාව දුන් සේවකයින්ට ඇප

බොරැල්ල – කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය හමුවට ඊයේ (25) ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.

මෙම පහරදීමට සම්බන්ධ අදාළ සුපිරි වෙළඳසැලේ සේවයේ නියුතුව සිටි කාන්තාවන් සිව්දෙනකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු බොරැල්ල පොලීසිය මඟින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඊයේ (25) පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවක දී පැමිණිලිකාර කාන්තාව විසින් ඇයට පහරදුන් සැකකරුවන් තිදෙනකු හඳුනා ගැනීමට සමත්ව තිබෙනවා.

අදාළ සුපිරි වෙළඳසැල තුළ දී එහි සේවකයින් පිරිසක් කාන්තාවකට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පසුගිය දා සංසරණය වුණා.

එම කාන්තාව අදාළ සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස පහරදී ඇති බවයි පසුව තොරතුරු වාර්තා වුණේ.

පහරකෑමට ලක්වූ තරුණ කාන්තාව අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැතියක් බවට පොලීසිය පසුව අනාවරණය කරගෙන තිබුණා.

සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ සොරාගැනීම් සම්බන්ධයෙන් ඇයට මීට පෙර චෝදනා එල්ලවී තිබූ බවද පොලීසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
17
+1
5
+1
2
+1
9
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44