සුපිරි නළු අක්ෂේ කුමාර්ට ඉන්දියානු පුරවැසිභාවය (ඡායාරූප)

බොලිවුඩ් සුපිරි නළු අක්ෂේ කුමාර්ට ඉන්දියානු පුරවැසිභාවය හිමිව තිබෙනවා.

77 වන ඉන්දීය නිදහස් දිනය යෙදී තිබෙන අද (15) දිනයේ දී ඔහුට මෙලෙස ඉන්දීය පුරවැසිභාවය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සුබ පණිවුඩය සිය නිල ට්විටර් හෙවත් එක්ස් ගිණුමට එක්කරමින් සිය ප්‍රේක්ෂකයින් සමඟ බෙදාගැනීමට අක්ෂේ කුමාර් කටයුතු කර තිබුණා.

කැනේඩියානු පුරවැසිභාවයක් හිමි අක්ෂේ කුමාර් නිරන්තරයෙන් ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් විවේචනයට ලක් වූ පුද්ගලයෙක්.

06 1