සුනේත‍්‍රාදේවියත් පොහොට්ටුවෙන් ගිලිහේ.. මැදගොඩ හිමිත් විමල් වෙනුවෙන්.. ජනපතිට පක්‍ෂයේ ඉහල තනතුරක් දිය යුතු බව කියති..

විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශවල වරදක් නොමැති බවත් ජනාධිපතිතුමන්ට පක්ෂයේ ඉහළ තනතුරක් අවශ්‍ය බව තමන් විශ්වාස කරන බවත් පැපිලියාන සුනේත‍්‍රාදේවී පරිවෙණාධිපති හා එම විහාරස්ථානාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

අද කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

උන්වහන්සේ සඳහන් කරන්නේ ජනාධිපතිතුමන්ට දේශපාලනික වශයෙන් යම්කිසි මෙහෙයුමක් සිදුකිරීමට අවශ්‍ය නිසා පක්ෂයේ ඉහළ තනතුරක් තිබීම වැදගත් බවයි.

විමල් වීරවංශ මහතාට පෞද්ගලිකව අදහස් දැක්වීමේ අයිතියක් ඇති බවත් ඔහු කළ ප්‍රකාශය සාධනීය වැදගත්කමක් ඇති බවත් පැවසූ උන්වහන්සේ ජනාධිපති පුටුවේ සිටියද ජනාධිපතිතුමන්ට දේශපාලනික වශයෙන් යම්කිසි මෙහෙයවීමක් අවශ්‍ය බවද සඳහන් කළහ.

උන්වහන්සේ තව දුරටත් කියා සිටියේ කිහිපදෙනකුගේ උඩ පැණීම් නොගැලපෙන කතා පසෙක දමා රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට සමගියෙන් කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23