මෙරට තුළ ඉන්ධන නොමැති බව සඳහන් කරමින් විදේශීයකයින් පැමිණීම අධෛර්‌යමත් කරන, සංචාරක ව්‍යාපාරයට අගතිදායක වන, මහජන පෙළබවීම් ඇති වන පරිදි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්‌යංශය විසින් ඊයේ (21) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 53ක වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













