spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුද්දගේ ගෙදර CCTV කැමරා පද්ධතිය සුද්ද කළ කුඩ්ඩා අත්අඩංගුවට

අලුත්ගම, පාදාගොඩ, පින්හෙන ප්‍රදේශයේ පිහිටි විදේශිකයෙකුට අයත් නිවසක ආරක්ෂාව සඳහා සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ කැමරා 06ක්, වතුර මෝටරයක් ඇතුළු ලක්ෂ දෙකහමාරක පමණ දේපළ සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

32 හැවිරිදි සැකරුවෙක් ඊයේ (06) අලුත්ගම පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධික ලෙස මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටින අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුට විරුද්ධව මීට පෙර මත්කුඩු හා සොරකම් සම්බන්ධයෙන් නඩු පහක් විභාගවෙමින් පවතින බවට ද අනාවරණය වී තිබෙනවා.

මොහු විසින් මීට පෙර පින්හේන, පාදාගොඩ ආදී ප්‍රදේශවල වගා බිම්වල එළවළු, පොල් සහ පුවක් සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සොරාගත් භාණ්ඩ බේරුවල, දර්ගා නගරය,පිංහේන යන ප්‍රදේශවල පුද්ගලයින්ට ඉතා ආධු මුදලකට අලෙවිකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වත වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?