සුද්දගේ ගෙදර CCTV කැමරා පද්ධතිය සුද්ද කළ කුඩ්ඩා අත්අඩංගුවට

අලුත්ගම, පාදාගොඩ, පින්හෙන ප්‍රදේශයේ පිහිටි විදේශිකයෙකුට අයත් නිවසක ආරක්ෂාව සඳහා සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ කැමරා 06ක්, වතුර මෝටරයක් ඇතුළු ලක්ෂ දෙකහමාරක පමණ දේපළ සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

32 හැවිරිදි සැකරුවෙක් ඊයේ (06) අලුත්ගම පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධික ලෙස මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටින අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුට විරුද්ධව මීට පෙර මත්කුඩු හා සොරකම් සම්බන්ධයෙන් නඩු පහක් විභාගවෙමින් පවතින බවට ද අනාවරණය වී තිබෙනවා.

මොහු විසින් මීට පෙර පින්හේන, පාදාගොඩ ආදී ප්‍රදේශවල වගා බිම්වල එළවළු, පොල් සහ පුවක් සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සොරාගත් භාණ්ඩ බේරුවල, දර්ගා නගරය,පිංහේන යන ප්‍රදේශවල පුද්ගලයින්ට ඉතා ආධු මුදලකට අලෙවිකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වත වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49