AFC Banner
Empty Ad
Empty Ad

සීනි මිලත් තව ඉහළ යයි

වෙළඳපොලේ සීනි සහ සහල් මිල මේ වන විට පාලනයකින් තොරව ඉහල යමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

සීනි සඳහා පාලන මිලක් පනවා ඇති මොහොතකයි යලිත් මෙලෙස මිල ඉහල ගොස් ඇත්තේ.

පසුගිය කාලසීමාව තුලදී සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා සීග්‍ර ලෙස ඉහල ගියා. එම අවස්ථාවේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැටලීම් සිදුකොට අදාල සීනි තොග සොයාගත් අතර රජය විසින් සීනි සඳහා පාලන මිලක් ද නියම කරනු ලැබුවා.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122ක පාලන මිලක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත්, අද වන විට වෙළඳපොලේ සුදු සීනි රුපියල් 135ක මිලකට අලෙවි වන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.

එමෙන්ම, දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සදහා රජය විසින් පනවනු ලැබූ පාලන මිල වන්නේ රුපියල් 125ක්.

නමුත්, මේ වන විට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් වෙළදපොලේ අලෙවි වන්නේ රුපියල් 138ක මිලකට බවයි වෙළඳ පොල ආරංචි මාර්ග සදහන් කළේ.

ඇතැම් වෙළදුන් තම සීනි තොග සඟවා මිල ඉහල දමමින් අලෙවි කරන බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

මේ වන විට එලෙස සීනි තොග සැඟවූ වෙළදසැල් සහ හිමිකරුවන් සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරෙනවා.  

මේ අතර, වෙළදපළේ සහල් මිල ගණන් ද මේ වන විට තවදුරටත් ඉහල ගොස් තිබෙනවා.

මීට පෙර සහල් සඳහා පාලන මිලක් පනවා තිබුනද එය රජය විසින්  ඉවත් කිරිමට කටයුතු කළා.

ඒ අනුව දැනට වෙළඳපළේ නාඩු සහල් කිලෝවක් රුපියල් 125කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 150කටත් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 220කට පමණ මිලකටත් අලෙවි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?