සීනි මිලත් තව ඉහළ යයි

වෙළඳපොලේ සීනි සහ සහල් මිල මේ වන විට පාලනයකින් තොරව ඉහල යමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

සීනි සඳහා පාලන මිලක් පනවා ඇති මොහොතකයි යලිත් මෙලෙස මිල ඉහල ගොස් ඇත්තේ.

පසුගිය කාලසීමාව තුලදී සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා සීග්‍ර ලෙස ඉහල ගියා. එම අවස්ථාවේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැටලීම් සිදුකොට අදාල සීනි තොග සොයාගත් අතර රජය විසින් සීනි සඳහා පාලන මිලක් ද නියම කරනු ලැබුවා.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122ක පාලන මිලක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත්, අද වන විට වෙළඳපොලේ සුදු සීනි රුපියල් 135ක මිලකට අලෙවි වන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.

එමෙන්ම, දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සදහා රජය විසින් පනවනු ලැබූ පාලන මිල වන්නේ රුපියල් 125ක්.

නමුත්, මේ වන විට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් වෙළදපොලේ අලෙවි වන්නේ රුපියල් 138ක මිලකට බවයි වෙළඳ පොල ආරංචි මාර්ග සදහන් කළේ.

ඇතැම් වෙළදුන් තම සීනි තොග සඟවා මිල ඉහල දමමින් අලෙවි කරන බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

මේ වන විට එලෙස සීනි තොග සැඟවූ වෙළදසැල් සහ හිමිකරුවන් සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරෙනවා.  

මේ අතර, වෙළදපළේ සහල් මිල ගණන් ද මේ වන විට තවදුරටත් ඉහල ගොස් තිබෙනවා.

මීට පෙර සහල් සඳහා පාලන මිලක් පනවා තිබුනද එය රජය විසින්  ඉවත් කිරිමට කටයුතු කළා.

ඒ අනුව දැනට වෙළඳපළේ නාඩු සහල් කිලෝවක් රුපියල් 125කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 150කටත් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 220කට පමණ මිලකටත් අලෙවි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00