සීනිගම දෙවොලේ දේව ප්‍රතිමාවේ මැණික් ගල සොරාගන්න ගිය අයෙක් ජීවිතක්ෂයට

සීනිගම දෙවොල් දේවාලයේ මුහුදේ පිහිටි දියඹ දේවාලයේ; දේව ප්‍රතිමාවේ නළලේ තිබූ මැණික් ගල ගලවා ගැනීමට තැත්කළ පුද්ගලයෙක් ප්‍රතිමාවෙන් ඇද වැටී මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ දියඹ දේවාලය වෙත පිහිනා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීටයාගොඩ පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට තවමත් හැකියාව ලැබී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
34
+1
7
+1
1
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?