සීදුවේ දී වෙඩි වැදී අයෙක් මරුට – පොලිස් නිලධාරියෙක් රෝහලේ (ඡායාරූප)

සීදුව – කොටුගොඩ ප්‍රදේශයේ මාර්ග බාධකයක දී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම සිදු වූ මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරියෙක් ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

පොලිස් නිලධාරීන් මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී, එහි සිටි පුද්ගලයෙක් විසින් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගැනීමට උත්සහා කිරීමේ දී එම අවිය ක්‍රියාත්මක වී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සීදුව – කොටුගොඩ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක අද අලුයම රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකටයුතු අළු පැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී මෝටර් රථයේ වම්පස සිටි පුද්ගලයෙක් පොලිස් සැරයන්වරයෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම ගිනි අවිය ක්‍රියාත්මක වී අදාළ පුද්ගලයාගේ උදරයට වෙඩි වැදී තිබෙනවා.

පොලිස් නිලධාරියාගේ එක් පදයකට ද වෙඩි වැදී ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා සහ අදාළ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එහිදී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ දී මෝටර් රථය තුළ පුද්ගලයින් සිව්දෙනෙක් සිට ඇති අතර, සිද්ධියෙන් පසු අනෙක් තිදෙනා පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් බීමතින් සිට ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෙට්ටියාවල කුඩාගමගේ ශානික දේශාන් නැමැති 39 හැවිරිදි, පූගොඩ – බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සීදුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී සිදුකළ පොලිස් සැරයන්වරයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
15
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28