සීදුවේ දී වෙඩි වැදී අයෙක් මරුට – පොලිස් නිලධාරියෙක් රෝහලේ (ඡායාරූප)

සීදුව – කොටුගොඩ ප්‍රදේශයේ මාර්ග බාධකයක දී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම සිදු වූ මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරියෙක් ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

පොලිස් නිලධාරීන් මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී, එහි සිටි පුද්ගලයෙක් විසින් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගැනීමට උත්සහා කිරීමේ දී එම අවිය ක්‍රියාත්මක වී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සීදුව – කොටුගොඩ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක අද අලුයම රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකටයුතු අළු පැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී මෝටර් රථයේ වම්පස සිටි පුද්ගලයෙක් පොලිස් සැරයන්වරයෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම ගිනි අවිය ක්‍රියාත්මක වී අදාළ පුද්ගලයාගේ උදරයට වෙඩි වැදී තිබෙනවා.

පොලිස් නිලධාරියාගේ එක් පදයකට ද වෙඩි වැදී ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා සහ අදාළ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එහිදී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ දී මෝටර් රථය තුළ පුද්ගලයින් සිව්දෙනෙක් සිට ඇති අතර, සිද්ධියෙන් පසු අනෙක් තිදෙනා පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් බීමතින් සිට ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෙට්ටියාවල කුඩාගමගේ ශානික දේශාන් නැමැති 39 හැවිරිදි, පූගොඩ – බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සීදුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී සිදුකළ පොලිස් සැරයන්වරයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
15
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?