සිසුවියක් අපයෝජනය කළ පාසල් ගුරුවරියක් රක්ෂිත බන්ධනාගාරයට

16 හැවිරිදි සිසුවියක් අපයෝජනය කළ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් විදේශ ගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර ගුරුවරිය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වනදාදක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ඊයේ (18) නියෝග කළේ.

මෙලෙසින්රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මොරටුව, කල්දමුල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි දෙදෙරු මවක්.

සිද්ධියට මුහුණ පෑ අදාළ සිසුවිය සිය දෙමව්පියන් සමඟ ළමා හා කාන්‍තා අපයෝජන නිවාරණ කාර්යංශය වෙත පැමිණ පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 07 වනදා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකාර ගුරුවරිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, ඇයගේ විදේශ ගමන් තහනම් කර ඒ පිළිබඳව ආගමන විගමන පාලක වෙත දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ මහතා එදින නියෝග කර තිබුණා.

ඒ වනවිටත් සැකකාර ගුරුවරිය විදේශ ගතව සිට ඇති අතර, ඇය පෙරේදා (17) දිනයේ නැවත දිවයිනට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් කරනු ලැබුවා.

කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් වන සැකකාරිය ආගම ඉගැන්වීමට යැයි පවසමින් මොරටුව, කල්දමුල්ලේ තම නිවසේ පැවැත්වෙන අමතර පංතියකට අදාළ සිසුවියව ගෙන්වා ගෙන විවිධ අසභ්‍ය වීඩියෝ පට පෙන්වා, ඇයව බරපතල අයුරින් අපයෝජනයට ලක් කර ඇතැයි එහිදී පොලීසිය අධිකරණයට කරුණු වර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්දෙණිය සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ සෙට් එකට වැඩ වරදියි
01:38
Video thumbnail
ධීවර යාත්‍රාවක් පෙ#ළී තරුණයන් දෙදෙනෙකු අතුරුදහන්..ගම්මු සිදුවූ සියල්ල හෙළිකරයි
04:01
Video thumbnail
ඩෝබිලා, පොල්ලෙලි, පාපිසිවලට ළඟදිම තේරෙයි මේක..ගල් අඟුරු හත්පොලේ ගාගෙන තටබනවා
02:16
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41