සිව් හැවිරිදි දැරියකට අමානුෂික හිංසා කළ කුඩම්මා අත්අඩංගුවට

සිව් හැවිරිදි කුඩා දැරියකගේ මුඛයට දුම්කොළයක් ඔබා මහුණ ජල භාජනයක ගිල්වා වේ වැලකින් පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ පියාගේ දෙවෙනි බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ කටට දුම්කොළය එබීම හේතුවෙන් ඇය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී කතා කිරීමට පවා අපහසු තත්ත්වයෙන් මත් ගතියෙන් සිටි බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

දැරිය මේ වන විට මිත්තණිය භාරයේ ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත යොමු කර තිබෙනවා.

දැරියට පහර දීමට යොදා ගත් වේ වැල ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නෑබොඩ නිව්ටල් වත්ත ප්‍රදේශයේ නිවසක සිටින කුඩා දැරියකට නිවසේ කාන්තාව නිරතුරුවම හිරිහැර කරන බවට අඟුරුවාතොට පොලිසියට ලැබුණු තොරතුරක් අනුවයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිසිය එම නිවසට යන විටත් දැරිය නිවස තුළ බිම හඬා වැටෙමින් නිරුවත්ව සිටි අතර සැකකාරිය දැරියගේ අතකින් අල්ලාගෙන සිටි බවත් පොලිසිය සඳහන් කරනවා.

සැකකාරිය පහර දුන් බව කියන සලකුණු කිහිපයක් දැරියගේ වම් අතේ බැලූ බැල්මට දක්නට ලැබෙන බව සඳහන්.

දැරිය තමා කියන දේ නොඅසා හිතුවක්කාර ලෙසට හැසිරීම හේතුවෙන් මෙලෙස පහරදුන් බව සැකකාර කාන්තාව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

දැරියගේ මව දැරිය සහ පියා තනිකර වෙනත් පුරුෂයෙක් සමග මීට වසරකට පමණ පිටවී යාමෙන් අනතුරුව දැරියගේ පියා විසින් දැරිය ද රැගෙන සැකකාරියගේ නිවසේ පදිංචියට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

දැරිය සැකකාරියගේ තාඩන පීඩනවලට ලක් වන අවස්ථාවේ දී පියා නිවසේ සිට නොමැති බව ද සඳහන්.

දැරිය කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අසල්වාසීන්ගෙන් ප්‍රකාශ දෙකක් ද පොලිසිය මගින් සටහන් කරගෙන තිබෙනවා.

20 හැවිරිදි සැකකාරිය හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය සුදුසු භාරකාරත්වයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57