spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිව් හැවිරිදි දැරියකට අමානුෂික හිංසා කළ කුඩම්මා අත්අඩංගුවට

සිව් හැවිරිදි කුඩා දැරියකගේ මුඛයට දුම්කොළයක් ඔබා මහුණ ජල භාජනයක ගිල්වා වේ වැලකින් පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ පියාගේ දෙවෙනි බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ කටට දුම්කොළය එබීම හේතුවෙන් ඇය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී කතා කිරීමට පවා අපහසු තත්ත්වයෙන් මත් ගතියෙන් සිටි බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

දැරිය මේ වන විට මිත්තණිය භාරයේ ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත යොමු කර තිබෙනවා.

දැරියට පහර දීමට යොදා ගත් වේ වැල ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නෑබොඩ නිව්ටල් වත්ත ප්‍රදේශයේ නිවසක සිටින කුඩා දැරියකට නිවසේ කාන්තාව නිරතුරුවම හිරිහැර කරන බවට අඟුරුවාතොට පොලිසියට ලැබුණු තොරතුරක් අනුවයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිසිය එම නිවසට යන විටත් දැරිය නිවස තුළ බිම හඬා වැටෙමින් නිරුවත්ව සිටි අතර සැකකාරිය දැරියගේ අතකින් අල්ලාගෙන සිටි බවත් පොලිසිය සඳහන් කරනවා.

සැකකාරිය පහර දුන් බව කියන සලකුණු කිහිපයක් දැරියගේ වම් අතේ බැලූ බැල්මට දක්නට ලැබෙන බව සඳහන්.

දැරිය තමා කියන දේ නොඅසා හිතුවක්කාර ලෙසට හැසිරීම හේතුවෙන් මෙලෙස පහරදුන් බව සැකකාර කාන්තාව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

දැරියගේ මව දැරිය සහ පියා තනිකර වෙනත් පුරුෂයෙක් සමග මීට වසරකට පමණ පිටවී යාමෙන් අනතුරුව දැරියගේ පියා විසින් දැරිය ද රැගෙන සැකකාරියගේ නිවසේ පදිංචියට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

දැරිය සැකකාරියගේ තාඩන පීඩනවලට ලක් වන අවස්ථාවේ දී පියා නිවසේ සිට නොමැති බව ද සඳහන්.

දැරිය කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අසල්වාසීන්ගෙන් ප්‍රකාශ දෙකක් ද පොලිසිය මගින් සටහන් කරගෙන තිබෙනවා.

20 හැවිරිදි සැකකාරිය හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය සුදුසු භාරකාරත්වයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
3
+1
14
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?