සිමෙන්ති, වානේ සහනයක් පාරිභෝගිකයින්ට කවදා ලැබෙයිද? ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය අඩුවීමක් ?

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැය පසුගිය දවස්වල සෑහෙන්න වැඩි වුණ එක අපි හැමෝම දන්න කාරණයක්.

ඩොලර් එකේ අගය අහස උසට යනකොට හද හද හිටපු ගෙදරට, හදන්න හිටපු ගොඩනැගිල්ලට මොකද කරන්නෙ කියන ප්‍රශ්නෙ ගොඩක් අයගෙ ඔලුවෙ තිබුණා.

මොකද සිමෙන්ති, වානෙ තිබුණ ගණන් වලට වඩා තුන් ගුණයකින් විතර වැඩි වුණා.

අද අඩු වෙයිද හෙට අඩු වෙයිද කිය කිය සමහර අය බලන් ඉන්නකොට ගොඩක් අයගෙ මතය වුණේ ආයෙ කාලයක් යනකන් ඉදිකිරීම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය අඩු වෙන එකක් නෑ කියන එකයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය වැඩි වීම ටිකෙන් ටික සිද්දවෙච්ච දෙයක් නම් නෙවෙයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය අතරින් වැඩිපුරම අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය දෙකක් තමයි සිමෙන්ති සහ වානේ කියන්නෙ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිමෙන්ති සහ වානේ මුළු ඉදිකිරීම් පිරිවැයෙන් 25% කට දායක වෙනවා.

පහුගිය දවස්වල සිමෙන්ති මිල 2.68 ගුණයකිනුත්, වානේ මිල 2.54 ගුණයකිනුත් වැඩි කරලා තිබුණා.

ඒක පාරිභෝගිකයින්ට දරන්න බැරි කාරණයක්.

හැබැයි පාරිභෝගිකයින්ට සහනයක් තිබුන එකම අමුද්‍රව්‍ය තමයි ඇලුමිනියම් කියලා කියන්නෙ.

මොකද ඇලුමිනියම් මිල වැඩිවෙලා තියෙන්නෙ 1.61 ගුණයකින් විතරයි.

ඒ විදිහට බැලුවම අනිත් අමුද්‍රව්‍ය වලට සාපේක්ෂව ඇලුමිනියම් මිල වැඩි නොවුණ තරම්.

ඒ විතරක් නෙවෙයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේදි ඇලුමිනියම් භාවිතා වෙන්නෙ 5% වගේ පොඩි ප්‍රතිශතයකින්.

වෙළදපොලේ තියෙන ඇලුමිනියම් වලින් quality ඇලුමිනියම් තීරණය වෙන්නෙ ඒ ඇලුමිනියම්වල තියෙන වානේ ප්‍රතිශතය අඩු වීම මතයි.

මේ දෙය ගොඩක් අය නොදන්න කාරණයක්.

හොඳ ඇලුමිනියම් නම් ඒකෙ වානේ ප්‍රතිශතය අඩු වීම කියන කාරණය ගොඩක් වැදගත්.

ඉතින් සමහර ඇලුමිනියම් නිෂ්පාදන ආයතන වානේ වැඩියෙන් ඇලුමිනියම් වලට එකතු කරලා ඒවා අඩු මිලට පාරිභෝගිකයන්ට විකුණනවා.

ඉතින් ඇලුමිනියම් මිලදී ගන්නකොට වානේ ප්‍රතිශතය අඩු quality එක තහවුරු කරපු ඇලුමිනියම් මිලදී ගන්නත් සැලකිලිමත් වෙන්න ඕන.

කර්මාන්ත ක්ෂේත්‍රයේ හැම ඉදිකිරීම් ද්‍රව්‍යකම මිල සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් තුන්ගුණයක් විතර වැඩි වෙලා තිබුණත් ඇලුමිනියම් මිල ඒ විදිහට වැඩි වෙලා නැති එක පාරිභෝගිකයින්ට ලොකු සහනයක්.

කර්මාන්ත ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය වැඩි වෙලා තියෙන විදිහ ගැන බැලුවම ඇලුමිනියම් මිල මංදගාමීව වැඩි වීම හරිම සාමාන්‍යයි.

පිරිවැයට සාපේක්ෂව බැලුවම ඇලුමිනියම් ක්ෂේත්‍රයේ මිල වැඩි නොවීම කැපී පෙනන කාරණයක් විදිහට සලකන්න පුළුවන්.

ඩොලර් අඩු වැඩි වීම් එක්ක සිමෙන්ති, වානේ ලොකූ ප්‍රමාණයකින් තමන්ගෙ මිල ගණන් වැඩි කරත් ඇලුමිනියම් වගේ සාදාරණ ගණන් වලට තවමත් මිල අඩු වීමක් වුණේ නැහැ.

ඇලුමිනියම් මිල වගේම සිමෙන්ති සහ වානේ මිලත් අඩු කරනවා නම් ඒක පාරිභෝගිකයින්ට ලොකු සහනයක් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:52
Video thumbnail
චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි - චාමර, දයාසිරි ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක්ම ඇවිත්
01:59
Video thumbnail
පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නව සංවිධායකවරුන් පත්කරයි
02:03
Video thumbnail
අද උදේ අත්අඩංගුවට ගත් අයගේ රහස් ජනපතිගේ කටින් හෙළිවෙයි - මේ කියන්නේ සජබයේ චරිත් ගැනද ?
01:55
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47