සිංහ පෝතකයින් ඉදිරියේ ලන්දේසීන්ට අවමන් සහගත පරාජයක්

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයින් තීරණය කරන අවසන් මහා තරගයෙන් දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (09) හැකියාව ලැබුණා.

ප්‍රතිවාදීන් වූ නෙදර්ලන්ත කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා පිළ මෙම තරගය ජය ගත්තේ ලකුණු 128කින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වුණා.

නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටුකරමින් නෙදර්ලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 47යි පන්දු 05ක් තුළ සියල්ලන් දැවී ලකුණු 233 කට සීමා කළා.

සිය පළමු ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය අද රැස්කළ සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත් වුණේ ලකුණු 57ක් රැස්කරමින්.

කුසල් මෙන්ඩිස් මෙම තරගයේ දී ලකුණු 43ක් රැස්කළ අතර චරිත් අසලංක පන්දු 36ක් තුළ ලකුණු 36ක් රැස්කළා.

පන්දු යැවීමේ දී සකීබ් සුල්ෆිකාර්, ලෝගන් වෑන් බීක්, රයන් ක්ලයින් සහ වික්‍රම්ජිත් සිං අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

ලකුණු 234ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නෙදර්ලන්ත පිතිකරුන් එකිනෙකා ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ශ්‍රී ලංකා පන්දු බලඇණියට හැකියාව ලැබුණා.

ඒ, අනුව නෙදර්ලන්ත පිළිතරු ඉනිම පන්දුවාර 23යි පන්දු 03ක් තුළ ලකුණු 105කට සීමා වුණා.

පන්දු යැවීමේ දී මෙම තරගයේදීත් සුපිරි පන්දු යැවීමක නිරත වූ මහිෂ් තීක්ෂණ කඩුලු 04ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 31ක් පමණක් ලබා දෙමින්.

අනෙක්‌ අන්තයෙන් පීඩනය එල්ල කළ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක නෙදර්ලන්ත ඉනිමේ කඩුලු 03ක් බිද දැමුවා.

වනිඳු හසරංග ද පන්දුවාර 07ක් යවා කඩුලු 02ක් බිඳ දැමු අතර මෙම තරගාවලියේ කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට ද වනිඳුට හැකියාව ලැබුණා.

මෙම තරගය පරාජය වුව ද නෙදර්ලන්තය කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ 2023 එක්දින ලෝක කුසලානයට සුදුකම් ලබා සිටිනවා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ සහභාගී වූ තරග සියල්ලම ජයගෙන තරගාවලිය අවසන් කිරීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය
01:45
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
01:45
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට
01:51
Video thumbnail
අදත් කුණු ටිකක් අතේ මාට්ටු..අනේ අදට සමාව දෙන්න කියන්නකෝ සර්..
01:43
Video thumbnail
NSBM දස වසරක ගමනේ රටේ ආර්ථිකයට රු.බිලියන 115.5කට අධික දායකත්වයක්
01:34
Video thumbnail
විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගාස්තුව සිසුන්ට දරාගන්න බෑ - UGC එකට පැමිණිල්ලක්
05:28
Video thumbnail
දිවුලපිටිය කුණු කන්ද සුද්ද කරලා තියෙන්නේ බාගෙට..ඇතුලේ කුණු එහෙම්මයි..රවට්ටන්න විතරක් කරන්න එපා
01:55