සිංදුව නවත්තන්න කියලා දෙපාරකට තුන්පාරකට වැඩිය කිව්වා..!“මැණිකේ මගේ හිතේ” සිංදුව කියල අවසානයේ අත්වුනු ඉරණම මෙන්න

පදම ඉක්මවා යනතෙක් මත්පැන් පානය කර නිවෙසක් ඉදිරිපිට නැවතී වර්තමානයේ මුළු ලෝකයේම ජනාදරයට පත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරමින් සිටින අවස්ථාවේ දී නිවසේ කාන්තාව දර ලීයක් රැගෙන එන අයුරු දැක දිව ගොස් ඇතැයි කියන අවිවාහක තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.එය කෑගල්ල නගරයේ පිහිටි තරමක් දුෂ්කර ගම්මානයකි. මෙම ගම්මානයේ 26 හැවිරිදි අවිවාහක තරුණයෙක් පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් මව්පියන් ද සමග ජීවත් විය.

මෙම තරුණයා පාසල් යන අවදියේ සිට ගම්මානයේ මව්පියන් සමග ජීවත් වෙමින් සිටින තරමක් සුරූපී පාසල් ශිෂ්‍යාවකට පෙම් බඳින්නට විය.

තරුණයා 12 පන්තියේ ඉගනුම ලබන අවස්ථාවේ දී ශිෂ්‍යාව ඉගෙනුම ලැබුවේ ඊට පංති දෙකකට පහළ පන්තියකය. තරුණයත් තරුණියත් එකල පාසල් ආවේ ගියේ, කතා බහ කර එකම පාර දිගේය. දිනක් පාසල් සිසුවාට සිසුවිය කෙරෙහි ආදර හැඟීමක් පහළ විය.

දිනක් පාසල් ශිෂ්‍යයා පාසල ඇරී සිසුවිය සමග නිවෙස් බලා පැමිණෙමින් සිටියදී කාලයක් තිස්සේ හදවතෙහි කැකෑරෙමින් පවතින ආදරය පිළිබඳ ඈ දැනුවත් කළේය.

එහිදී පාසල් සිසුවිය තරුණයාට කියා ඇත්තේ කරුණු කිහිපයකින්ම දෙදෙනා නොගැලපෙන බවත්, මව්පියන් දැන ගත්තොත් තමන්ගේ පාසල් ගමන පවා නතර කරන බවත්ය. දින සති මාස ගෙවී ගියේය. කොපමණ කරුණු කාරණා තරුණයාට පහදා දුන්නද ඔහුගේ එම ඉල්ලීම් පාසල් සිසුවිය ඒ හැම අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කළාය. බැරිම තැන ඒ සම්බන්ධයෙන් ඇය වරෙක මව්පියන් ද දැනුවත් කර සිටියාය.

දැනට තරුණයාගේ වයස අවුරුදු 26 කි. ඔහු රැකියාවක් කර උපයා ගන්නා වැටුපෙන් නවීන පන්නයේ යතුරු පැදියක් ද මීට වසර දෙකකට පමණ ඉහතදී මිලට ගත්තේය.

ජීවිතයේ පළමුවරට හිත ඇදී ගිය කෙල්ලගෙන් සතුටුදායක පිළිතුරක් තවමත් නොලැබීම නිසා තරුණයා වසර අටක පමණ කාලයක සිටින්නේ දැඩි කනස්සල්ලෙන්ය.

මීට දින කිහිපයකට ඉහතදී දිනක තරුණයාගේ උපන් දිනය යෙදී තිබුණි. තරුණයා එදින සවස මිතුරන් පිරිසක් සමග පදම ඉක්මවා මත්පැන් පානය කළේය.

සෙසු තරුණ පිරිස නිවෙස් වෙත පිටත්කර යැවූ තරුණයා නිවස බලා යාමට පිටත් විය. කලක සිට සිතෙහි ඇල්මක් ඇති කරගෙන සිටින තරුණියගේ නිවස ඉදිරිපිටට පැමිණි තරුණයා මේ දිනවල මුළු ලෝකයම ජනාදරයට පත් ‘මැණිකේ මගේ හිතේ’ කියන ගීතය ගායනා කරමින් තාර පාරේ සිට නටන්නට ගයන්නට පටන් ගත්තේය.

පසුව 24 හැවිරිදි තරුණියගේ පියා පැමිණ මෙතන ගීත ගයා නටන්නේ නැතිව යන ලෙස කීපවතාවක්ම තරුණයාට කීවේය.

එහෙත් තරුණයා ඒ කිසිවක් ගණන් නොගෙන ගීතය කිහිප වරක්ම මහ හයියෙන් ගායනා කරන්නට විය. පසුව තරුණියගේ මව දර ලීයක් රැගෙන එන අයුරු දැක ගැනීමෙන් පසුව තරුණයා ගීතය ගායනා කිරීම පසෙකලා නිවස බලා දිව ගොස් ඇති බවත් වාර්තා වෙයි.කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23