spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සැමියා සමඟ ඇති වූ ආරවුලෙන් පසු දරු තිදෙනා ඝාතනය කර බිරිඳ පළාගිහින්

සැමියා සමඟ ඇති වූ ආරවුලකින් පසු තම දරුවන් තිදෙනා ළිඳකට දමා ඝාතනය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සන්ත් නගර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සැකකාර මව විසින් ඊයේ (03) දින මෙම ඝාතනයන් සිදුකර ඇති බවයි.

අදාළ සැකකාර මව සිය අවුරුදු 08, 02 සහ අවුරුද්දක් වයසැති දරු තිදෙනා ළිඳකට දමා ඝාතනය කිරීමෙන් පසු ඔවුන් පදිංචිව සිටි නිවසට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාරිය ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි අතිරේක පොලිස් අධිකාරී (මෙහෙයුම්) ඕපී සිං ඉන්දීය මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ.

වෘත්තියෙන් කම්කරුවෙකු වන අමරජිත් ඔහුගේ බිරිඳ චන්දා අතර නිතර ආරවුල් හටගන්නා බවට අනාවරණය වී ඇති බවත්, එවැනි ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම දරු තිදෙනාට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ බවයි පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
4
+1
21
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?