සැමියා සමඟ ඇති වූ ආරවුලෙන් පසු දරු තිදෙනා ඝාතනය කර බිරිඳ පළාගිහින්

සැමියා සමඟ ඇති වූ ආරවුලකින් පසු තම දරුවන් තිදෙනා ළිඳකට දමා ඝාතනය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සන්ත් නගර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සැකකාර මව විසින් ඊයේ (03) දින මෙම ඝාතනයන් සිදුකර ඇති බවයි.

අදාළ සැකකාර මව සිය අවුරුදු 08, 02 සහ අවුරුද්දක් වයසැති දරු තිදෙනා ළිඳකට දමා ඝාතනය කිරීමෙන් පසු ඔවුන් පදිංචිව සිටි නිවසට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාරිය ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි අතිරේක පොලිස් අධිකාරී (මෙහෙයුම්) ඕපී සිං ඉන්දීය මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ.

වෘත්තියෙන් කම්කරුවෙකු වන අමරජිත් ඔහුගේ බිරිඳ චන්දා අතර නිතර ආරවුල් හටගන්නා බවට අනාවරණය වී ඇති බවත්, එවැනි ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම දරු තිදෙනාට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ බවයි පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29