සැමියාගේ ජාවාරම් සල්ලිවලින් තට්ටු දෙකට ගෙයක් ගහපු බිරිඳ රිමාන්ඩ්

මොරටුව පොලිස් වසමේ මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් දේපළ හා වත්කම් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව, සිදුකරන ලද විමර්ශනයේදී ඉහත පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් වත්කම් උපයාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර එසේ උපයා ගන්නා ලද මුදලින් එම පුද්ගලයාගේ බිරිඳගේ නමින් පානදුර ප්‍රදේශයේ පර්චස් 10 ක ඉඩමක් මිලදී ගෙන එහි දෙමහල් නිවසක් ඉදි කරමින් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදලින් දේපළ හා වත්කම් මිලදී ගැනීම හා පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳ පසුගිය 21 වනදා මධ්‍යම අපරාධ කාර්යංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාරිය ඊට පසුදින (22) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන පළමු වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?