AFC Banner
Empty Ad
Empty Ad

සැඩ රළ පහර වෙරළට ගෙන ආ අමුතු භාණ්ඩේ

මුහුදේ පා වී ආ බත්තලක් මහවැව – කුඩා මඩු වැල්ල වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව ප්‍රදේශයේ ධීවරයින් පවසා සිටියා.

පසුගිය 03 වැනිදා රාත්‍රී කාලයේ මෙම බත්තල මුහුදේ ගසා ගෙන විත් වෙරළට ගොඩ ගසා තිබුණා.

අඩි 25 ක් පමණ දිග මෙම බත්තලේ හිමිකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව නාවිත හමුදාව පවසා සිටියා.

බත්තල තුළ තිබූ රිජිෆෝම් ඇතුළු අප ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කුඩා මඩු වැල්ල වෙරළ තීරය තුළත් වෙරළ ඛාදනය සදහා යොදා ඇති ගල් වැටි තුළත් තැම්පත් වී ඇති ආකාරයක්ද දක්නට ලැබුණා.

කුඩා මඩු වැල්ල වෙරළරට ගොඩ ගසා ඇති බත්තලේ හිමිකරුවන් කවුරුන්ද යන්න තහවුරු කර ගැනීමෙන් අනතුරුව එය ඉවත් කිරීමට කටයුතු කරන බව නාවික හමුදාව පවසා සිටියා.

වෙරළට ගොඩ ගසා ඇති බත්තල කිසියම් අනතුරකට ලක්ව ඇති බවට විශ්වාස කළ හැකි බවත්, එහි සිටි පිරිස සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවත් නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, බත්තලේ තිබී වෙරළ පුරා විසිරී ගිය අප ද්‍රව්‍ය හේතුවෙන් සිදුවී ඇති පරිසර හානිය අවම කිරීම සදහා කඩිනමින් ක්‍රියා මාර්ග ගමන්නා බව සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරියේ පුත්තලම කාර්යාලයේ නිලධාරීණියක් කියා සිටියා.

වෙරළට ගොඩ ගැසූ බත්තලේ වීඩියෝව පහතින්,

https://youtu.be/2LV2yOaxPnw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?