සා.පෙළ හෙටින් ඇරඹෙයි

2021 වසරට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (23) දිනයේ දී ආරම්භ වීමට නියමිතයි.

විභාගය ආරම්භ කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන කියා සිටියේ.

මෙවර විභාගය වෙනුවෙන් පෙනී සිටීමට නියමිත සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 517,496ක් වන අතර දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844කදී විභයට පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවලදී මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණවල නිරතවීමෙන් වළකින ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සහ විභාග කාර්ය මණ්ඩලවලට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට විශේෂ වැඩපිළිවලක් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ මගින් ඔවුන්ගේ පෞද්ගලික වාහන සඳහා ඩීසල් ලබා ගැනීමේ හැකියාව සලසා දී තිබෙනවා.

එමෙන්ම පෝලිම්වල රැඳී නොසිට දිවයින පුරා ඉන්ධනහල් මගින් ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසට ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විභාග කාලසටහනට සමගාමීව ක්‍රියාත්මක විශේෂ කාලසටහනක් යටතේ ලංගම බස් රථ ධාවනයේ යෙදෙන අතර පෞද්ගලික බස් රථ සහ දුම්රියද සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14