spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

සා.පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 09 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

සෞන්දර්ය විෂයෙහි අවසාන ප්‍රතිඵලය නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගී කරගන්නා බැවින් එම කොටස් දෙකටම පෙනී සිටිම අනිවාර්ය බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශපත්‍රවල කිසියම් සංශෝධනයක් ඇත්නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර සංශෝධන කරගන්නා ලෙසට විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?