spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සා.පෙළ අද ඇරඹෙයි – විභාගයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වෙනවා.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,568 කදී මෙවර විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාග සඳහා විභාග අපේක්ෂකයින් 472,553ක් ඉදිරිපත්ව සිටිනවා.

මේ අතර විභාගය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත් නම් 0112784208, 0112784537, 0112785922 සහ 0112786616 යන දුරකථන අංකයන් ඇමතීමෙන් වැඩි තොරතරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් ද විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ යොදවා ඇති බවයි පොලිසිය ඊයේ (28) දැනුම් දුන්නේ.

මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ “සිසු සැරිය” බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු සැළසුම්කර තිබෙනවා.

අදින් ආරම්භවන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 08 වනදා දක්වා පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?