සාමාන්‍ය වියදම් සඳහා IMF ණය භාවිත කරනවා – මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුල්‍ය සහන ප්‍රථම වරට රජයේ සාමාන්‍ය වියදම් සඳහා භාවිත කිරීමට හැකියාව ලැබෙන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මෙතෙක් එම මුදල් භාවිත කළ හැකිව තිබුණේ වෙළෙඳ ශේෂ අර්බුද සමනය කරගැනීමට බවයි ඔහු බ්ලූම් බර්ග් නාලිකාව සමග පැවති සංවාදයකට එක් වෙමින් පැවසුවේ.