spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාමාන්‍ය පෙළ විභාගය ඇරඹීමට සියල්ල සූදානම්

හෙට (29) සආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

විභාගය හෙට සිට ජුනි 08 වනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3568ක දී පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 472,553ක් පෙනී සිටීමට නියමිතයි. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 536ක් පවතිනවා.

පාසල් අයදුම්කරුවන් 394,450 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 78,103 දෙනෙකු ඊට අයත්.

ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් 35,000කට අධික සංඛ්‍යාවක් විභාග රාජකාරී සදහා යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

බන්ධනාගාර රැඳවියන් 10 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසුවේ වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනෙකු ඊට අයත් බවයි.

ඒ අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබු රැඳවියෙකු ද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

විභාගය පැවැත්වෙන කාල සීමාවේදී විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල ඩෙංගු මර්දන ධූමායනය ඇතුළු පවිත්‍ර කිරීම් සිදුකරන ලෙසටයි විභාග දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන්ට දන්වා ඇත්තේ.

මීට අමතරව විභාගය පැවැත්වෙන දිනවල හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඉන් විභාගයට සිදුවිය හැකි බාධාවන් අවම කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගුවන් සහ නාවික හමුදාව ඇතුළු අදාළ අංශ සමග විභාග දෙපාර්තමේන්තුව සාකච්ඡා කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවද ආරක්ෂක කටයුතු සදහා යොදවන බවයි.

එමෙන්ම විභාග මධ්‍යස්ථානවලට පැමිණීමේදී මදුරු දෂ්ටනයෙන් වැළකී සිටීමට අවශ්‍ය පූර්ණ ක්‍රමෝපායන් භාවිත කරන ලෙසට අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

විභාගය ආරම්භ වී මිනිත්තු 30 කට පසු කිසිදු අපේක්ෂකයෙකුට විභාග මධ්‍යස්ථාන වෙත ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බැවින් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසටයි අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ “සිසු සැරිය” බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?