සාමාන්‍ය පෙළ විභාගය ඇරඹීමට සියල්ල සූදානම්

හෙට (29) සආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

විභාගය හෙට සිට ජුනි 08 වනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3568ක දී පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 472,553ක් පෙනී සිටීමට නියමිතයි. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 536ක් පවතිනවා.

පාසල් අයදුම්කරුවන් 394,450 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 78,103 දෙනෙකු ඊට අයත්.

ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් 35,000කට අධික සංඛ්‍යාවක් විභාග රාජකාරී සදහා යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

බන්ධනාගාර රැඳවියන් 10 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසුවේ වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනෙකු ඊට අයත් බවයි.

ඒ අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබු රැඳවියෙකු ද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

විභාගය පැවැත්වෙන කාල සීමාවේදී විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල ඩෙංගු මර්දන ධූමායනය ඇතුළු පවිත්‍ර කිරීම් සිදුකරන ලෙසටයි විභාග දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන්ට දන්වා ඇත්තේ.

මීට අමතරව විභාගය පැවැත්වෙන දිනවල හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඉන් විභාගයට සිදුවිය හැකි බාධාවන් අවම කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගුවන් සහ නාවික හමුදාව ඇතුළු අදාළ අංශ සමග විභාග දෙපාර්තමේන්තුව සාකච්ඡා කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවද ආරක්ෂක කටයුතු සදහා යොදවන බවයි.

එමෙන්ම විභාග මධ්‍යස්ථානවලට පැමිණීමේදී මදුරු දෂ්ටනයෙන් වැළකී සිටීමට අවශ්‍ය පූර්ණ ක්‍රමෝපායන් භාවිත කරන ලෙසට අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

විභාගය ආරම්භ වී මිනිත්තු 30 කට පසු කිසිදු අපේක්ෂකයෙකුට විභාග මධ්‍යස්ථාන වෙත ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බැවින් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසටයි අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ “සිසු සැරිය” බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23