පසුගිය දා වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මහවෙලමුල්ලේ සාන් සුද්දා’ නොහොත් සම්පත් කුමාර නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී රෝහලෙන් පලාගොස් ඇති බව වාර්තා වනවා.
පසුගිය දා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුව වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
එම අත්අඩංගුවට ගැනීමේ දී සැකකරු විසින් පොලීසියට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, පසුව පොලිස් නිලධාරීයෙකු විසින් සැකකරුගේ දණහිසෙන් පහතට වෙඩි තබා තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලටයි.













