‘ස්පා මැඩම්’ කොටු වෙයි

සම්බාහන මධ්‍යස්ථානවලට තෙරපිවරියන් බඳවාගන්නා බවට පුවත්පත්වල දැන්වීම් පළ කරමින්, තරුණියන් බඳවාගෙන ගණිකා වෘත්තියේ යොදවන ධනවත් කාන්තාවක පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘ස්පා මැඩම්‘ යැයි හඳුන්වනු ලබන මේ කත වයස අවුරුදු 17දී තෙරපිවරියක ලෙස සම්බාහන මධ්‍යස්ථානයක සේවයේ නිරත වීමට ඇල්ල ප්‍රදේශයේ සිට කොළඹට පැමිණි තැනැත්තියක බවටයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

වයස අවුරුදු 28ක් වන මේ කාන්තාව මේ වන විට බත්තරමුල්ල හා තලංගම ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස 04ක් පවත්වාගෙන යන බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට තොරතුරු ලැබී ඇතැයි සඳහන්.

සැකකාර කාන්තාව අත්අඩංගුවට පත්ව ඇත්තේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපතිට ලැබුණු තොරතුරකට අනුව බත්තරමුල්ල පාලම් තුන හන්දිය ආසන්නයේ ඇති සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ අවස්ථාවේයි.

දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලේ පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාසය වටලා ඇත්තේ පෙරේදා (16) රාත්‍රියේ යි.

මෙහිදී ගණිකා වෘත්තියේ නිරතව සිටි කාන්තාවන් දෙදෙනකු සහ එහි කළමනාකරු මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා විට එම ස්ථානයට ගණිකා නිවාසයේ හිමිකාරිය බව කියන ස්පා මැඩම් නමැති තැනැත්තිය පැමිණ තිබෙනවා.

ඇය එලෙස පැමිණ ඇත්තේ මෙම ස්ථානයේ දෛනික ආදායම් මුදල් රැගෙන යාමට බව සඳහන්.

සෙසු ගණිකා මධ්‍යස්ථාන තුනකින් රැස් කරගත් රුපියල් 94,000ක මුදලක්ද එම අවස්ථාවේ ඇය සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කළේ වැටලීම සිදු කළ ගණිකා නිවාසයේ දෛනික ආදායම ලෙස එම මොහොත වන විට රුපියල් 282,000ක මුදලක් තිබු බවයි. එම මුදල් ද පොලිසිය සිය භාරයට ගෙන සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව රාජගිරියේ සුවිසල් නිවෙසක පදිංචිව සිටින අතර, ඇය සුඛෝපභෝගි ජීවිතයක් ගත කරමින් සිටින තැනැත්තියක බවට පෙනී යන බවත් පොලිසිය ප්‍රකාශ කළා.

සැකකාර කාන්තාවගේ අත්බෑගය ද මෙහිදී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇති අතර එහි තිබී පුවත්පත්වල දැන්වීම් පළ කිරීමට මුදල් ගෙවූ කුවිතාන්සි කිහිපයක්ද හමු වී ඇතැයි සඳහන්. සැකකාරිය සතුව තිබූ ජංගම දුරකතන 4ක්ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

එම ජංගම දුරකතනවලට ද එක දිගට ඇමතුම් ලැබී ඇත්තේ ගණිකාවන් වෙන් කර ගැනීමට බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09