ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට අවස්ථාව ලබා දෙන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
සුදුසු ඇඳුමකින් සැරසී රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන පරිදි රාජකාරී කිරීමට අවස්ථාව ලබාදී ඇති හෙයින් ගුරුවරියන්ට ද එවැනි සහනයක් ලබා දෙන්නැයි ලංකාගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අධ්‍යාපන ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වනවා.













