සහල් මිල අතට ගත්ත මෝල් හිමියන්ට රජයෙන් රතු එළියක්

(27) දිනයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහල් පිළිබඳව පාරිභෝගික අධිකාරිය විසින් පනවා තිබෙන ගැසට් පත්‍රය අවලංගු කිරීමට තීරණය කර තිබුණා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල තීරණය ලද විගස බොහෝ විට (29) පමණ වන විට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කරනු ඇතියි.

අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබුවේ සත්භාවයෙන්ම පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය ඇතිව බවයි වාර්තා වන්නේ.

නමුත් යම් පාර්ශ්වයක් එම නිදහස් කිරීම් අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන සහල් මිළ අසාධාරණ ලෙස වැඩිකිරීමට උත්සාහ දරන්නේ නම් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය සහ පාරිභෝගික අධිකාරිය අවශ්‍ය මැදිහත් වීම ඉතා වගකීමකින් යුතුව ඉටු කරන බවට සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව සහල් හිමියන්ගේ සංගමය විසින් (28) දිනයේ ප්‍රකාශ කර තිබෙන සහල් මිළ ගණන් කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව අද දින අමාත්‍යාංශයේදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවසා සිටියා.

(27) දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගත් තීන්දුවක් මත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ කටයුතු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත වෙළෙඳ අමාත්‍යාංශය විසින් (28) දින ආරම්භ කර තිබෙනවා.

කඩිනමින් එම සහල් ආනයනය කර පාරිභෝගික ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙළෙඳ අමාත්‍යාංශය විසින් ගෙන තිබෙන බවත් ගරු රාජ්‍ය අමාතවරයා විසින් වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38